සජිත්ගේ වදභාවය සහ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය

කොරොනා 

කොරොනා මදකට නිවාඩුය. දැන් කරලියේ ඇත්තේ මහ මැතිවරණයයි. කො⁣රොනා දෙවන රැල්ලක් එන ලකුණු පහල වූවත් සුව විරැවන් රණවිරුවන් ඉදිරියට පැමිණ ලක් මවු රැකගත්හ. කොරොනා ආයේ එන්නේ නම් මහ මැතිවරණයෙන් පස්සේය. කොරොනා කරලිය ඇවිත් වරින්වර කල් දැමූ මහ මැතිවරණය අගෝස්තු 5 දින නියම වී දැන්  මහ මැතිවරණය වේදිකාව උණුසුම් වෙමින් තිබේ. කොරොනා කාලේ 225 එපා යැයි කියු මිනිස්සු විලි නැතුව අහවලා හොදා යැයි කියමින් ⁣දේශපාළුවන්ට කඩේ යති. දේශපාලකයන් ද එකිනෙක එදිරිවාදී වෙමින් දේශපාලන වේදිකාවේ මඩ ගසමින් මඩ නාමින් දේශපාලන ප්‍රචාරයේ යෙදෙයි.

ඡන්ද සටන

මෙවර පොදුජන පෙරමුණ 2/3 බලයක් ඉල්ලමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන අතර එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය සමඟි ජන බලවේගය සිරිකොත බලය ඇල්ලීමට ජන වරම ඉල්ලති. කැඩී බිඳි ගිය එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්කයකින් එක් ආසනයක් හෝ දිනා ගැනීමේ ඡන්ද සටනට පිවිස ඇත. කවදත් තෙවැනි බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ වටා බිහිවූ ජාතික ජන බලවේගය 3% රැක ගැනීමේ අසීරු  සටනට පිවිස ඇත.

සජිත්ගේ වදභාවය ගැන මහින්දගේ කතාව

මෙවර මහ මැතිවරණයේ වි⁣ශේෂත්වය නම් ඡන්ද සටනේ ප්‍රතිවාදී නායකත්වයට අපහාස කිරීම අන්තිම අසිකිත්ත තැනකට පත් වීමය. ⁣එවාට හොඳම උදාහරණය මහින්ද ප්‍රතිවාදී සජිත් කෙරෙහි දක්වන දරුණු මඩ ප්‍රහාරයයි. මෙහි උච්චතම අවස්ථාව වූයේ සජිත්ගේ වදභාවය අන්‍යමාර්තයේ හාස්‍යයට ලක් කිරිමය. 

මහින්ද රනිල් දීගය


මහින්ද රාජපක්ෂ දේශපාලන ඉතිහාසය තුළ  ඔහු කී කල ප්‍රකාශ පිළිබඳ විමසා බැලීමේදි මෙවැනි ප්‍රකාශ විස්මජනකය. විශේෂයෙන් මහින්ද ජනපති සමයේදි පවා මෙවැනි දරුණු  ලෙස ප්‍රතිවාදී දේශපාලන නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කලේ නැත. උදාහරණය ලෙස මහින්ද එකල එජාප නායක රනිල්ගේ වද භාවය ගැන කතා කලේ නැත. 

නමුත් මෙවර එය එසේ නොවුනේ ඇයි? අගමැති මහින්දගේ දේශපාලන වේදිකාව ලිඳ ලඟ සංගමය වාගේ වූයේ ඇයි? මේ පිළිබඳ  ගැඹුරින් විමසා බැලූ විට පෙනී යන කරුණ නම් රාජපක්ෂවරුන්ට රනිල්ට වඩා සජිත් අභියෝගයක් ලෙස දැකීමය. 

මහින්දගේ ඉදිරි අභියෝගය

රාජපක්ෂවරුන්ගේ ඡන්ද ඉතිහාසය ගැඹුරින් විමසා බැලූ කල පෙනෙන දෙයක් නම් රාජපක්ෂ ඡන්ද මැෂිම කවදත් ක්‍රියාත්මක ව ඇත්තේ ග්‍රාමීය දුප්පත් හා මධ්‍යම ප්‍රාන්තිකයන් වටාය. එම ඡන්ද පදනමට පහර දිය හැකි පක්ෂ නායකත්වයක් මෙතෙක් කාල වකවානුව තුළ වෙනත් පක්ෂවල නිර්මාණය නොවීය. විශේෂයෙන් එකල රාජපක්ෂවරුන්ට අභියෝගයක් වූ රනිල්ගේ නායකත්වයෙන් එජාප තුළ ඡන්ද පදනම නිර්මාණය වී තිබුනේ නාගරික ධනපති පංතිය හා සුළු ජන ඡන්ද පදනම වටාය. එය රාජපක්ෂට අභියොගයක් නොවීය. තර්ජනයක් ලෙසද දැක්කේ නැත. එම නිසා රනිල්ගේ වදභාවය එකල ජනපති මහින්ද ප්‍රශ්නයක් නොවීය. ඉදින් එකල වරින් වර අරලිය ගහ මැදුරේ ජනපති මහින්ද හා විපක්ෂ නායක රනිල් කළු කෝපි බිව්වේය.

නමුත් දැන් තත්වය වෙනස්ය. සජිත් එජාපය කඩාගෙන ගියේය.  මහින්ද සමඟද කළු තේ බිවූ රනිල් කිහිප දෙනෙකු සමඟ සිරිකොතේ තනි විය. රනිල්ගේ ඡන්ද පදනමට වඩා සජිත්ගේ ඡන්ද පදනම වෙනස්ය. සජිත්ගේ ඡන්ද පදනම ගොඩ නැඟි ඇත්තේද දුප්පත් ග්‍රාමීය ජනතාව වටාය. තම පියාණන් වූ රණසිංහ ප්‍රේමදාස ජනපති පුටුවට උසවා තැබුවේ මේ ඡන්ද පදනමය. දැන් විපක්ෂ නායක සජිත් හා අගමැති මහින්ද එකම ඡන්ද පදනමක් වෙනු⁣වෙන් ඡන්ද සටනට පිවිස ඇත.

වත්මන් තත්වය අනුව නියත වශයෙන්ම අගමැති මහින්ද බහුතර බලය සහිත නව පාල්ලිමේන්තුවක් පිහිටුවන බව සහතිකය. 

ඉදිරි දේශපාලන අනාගතය 

කෙසේ නමුත් ඊළඟට එලබෙන මැතිවරණයන්වලිදී මහින්දට සජිත් නියත වශයෙන් ම අභියෝගයක් වනු ඇත. මන්ද දුප්පත් ජනතාව වඩාත් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මහින්දට වඩා සජිත්⁣ට තිබීමය.  තම පියාට පැවති දුප්පත් ජනතාව

මොනරු

       
මේ අංග විකලයෙකු සහ ඔහුගේ පවුල මහ සමාජය මුහුණ දෙන පාරිසරික ගැටලුවක් ගැන තමා දැන් කත‍ා කරන්න හිතුවේ. පරිසරය සමතුලිතතාව බිඳවැටීම මුල් කරගෙන පාරිසරික විපර්යාසයන් විවිධ ආ‍කාරයෙන් ග්‍රාමීය පරිසරයට වඩාත් දැනෙන්න පටන් අරන්. නගරවලට නම් ලෝකය විනාස වෙලා ගියත් උන්ට ගානක් නෑ. ඒත් කෘෂි කර්මය මූලික කරගත් මේ ගම්මානවලට පාරසරික විපර්යාස වඩාත් තදින් දැනෙන්න ගන්නවා. මෙයට උදාහරණය තමා මොනරු. ග්‍රාමීය මිනිස්සු උණත් හිතන්නේ නැති කතාවක් තමා දැන් කියන්න‍ යන්නේ.

අපේ ගම කොහේද කියල දැන්ම කියන්න බෑ. කොහොම උනත් ආසන්න වශයෙන් ‍අපේ ගම පිහිටල තියෙන්නේ දකුණු ‍ලකේ ගඟබඩ පත්තුව ලෙස අතීතයේ හැඳින් වූ ප‍්‍රදේශයක අන්තීම කෙලවරක. 

මොනරු කියන්නේ මේ සමාජය‍ේ දේවත්වයෙන් ‍ සලකා කටයුතු කරන ස‍තෙක්. මොකද මොනරා කියන්නේ සුරිනිඳු කතරගම දෙවියන්ගේ වාහනය. ‍ද‍ෙයියෝ බුදු ලා සලකන මෙරට සමාජයට කතරගම දෙවියන් කියන්නේ සුවිශේෂි දෙවියෙක්. දෙවියන් අරහං වෙච්ච මට කතරගම දෙවියන් කොහොමත් අරහං

කතාව පිට යනවා වගේ. කොහොම උණත් කතරගම දෙවියන් ‍ වාහනය වූ මොනරා පාරසරික විපර්යාස නිසාම කතරගම දෙයිය‍ොත් අතැරලා වෙනත් ‍ප්‍රදේශවලට සංක්‍රමණය වෙන්න පටන් අරං. කියව කට්ටිය නම් කියයි මූට පිස්සු කියලා. ඒකට උදාහරණ එක්කම කියන්නම් කෝ.

90 දශකයේ මුල් භාගයේ ඉපදිච්ච අපිට මොනරු කියන්නේ අමුතු සතෙක්. විශේෂයෙන් අපේ ගමට මොනරු හෙනම අ‍ාගන්තුක සතෙක්. ඉස්සර මොනර පිහාටු අවස්ථා කිහිපයකදී දැකල තිබුණට මොනරෙක් දකිනව කියන‍්නේම ඉතිං මැජික් තමා. මොනරු පිහාටු ඉස්සර අපි එකතු කරගෙන ගෙදර ගේන කොට ගෙදර වැඩිමල් ඇත්තොන්ගේ මාර බර බරේ. පිහාටුවක්වත් ගේ ඇතුලට වද්ද ගන්නවත් අපේ වැඩිහිටිය‍ෝ කැමති උණේ නෑ. ‍‍මොකද කතරගම දෙවියන් වාහන‍ේ පිහාටු ගෙයි තියා ගත්තොත් දෙවියන් ‍අසුභ දෘශ්ටිය ගෙට එනව කියල තමා වැඩිමහලු ඇත්තෝ කිව්වේ. 

මොනරු කොච්චර වදයක් උණත් උන්ගේ පිහාටු පට්ට ලස්සනයි

ඒකට දැන් මොනරු රංචු පිටින් ගෙවල්වල් ඇතුළටත් එන පටන් අරං. කාලයකදී දකිනත් දූර්ලභ වෙච්ච මොනරු  පසුගිය වසර 10 ඇතුළත මාරට සුලභ දසුනක් උණා. කොහොමද එහෙම උණේ. ‍

මොනරු කියන්නේ වඩාත් වියලි පාරසරික තත්වයන් යටතේ ජීවත් වෙන්න කැමති පක්ෂි විශේෂයක් කියල තමා මං හිතන්න‍ේ. මෙ‍ාකද මොනරා සාමාන්‍ය පක්ෂින්ට ‍වඩා විශාල පිහාටු තියෙන පක්ෂියෙක්. ඉතින් තෙක් කලාපීය පරිසරයක් යටත‍ේ ජීවත් වීමම ‍පක්ෂියාගේ සමාජ චර්යාවන්ට ගැටලුවක්. විශාල ශාක ඝනත්වයක් සහිත ‍තෙක් කලාපීය පරිසරය තුළ සැරිසැරීමට මොනරාට අපහසු කර්තවියක්. තවත් හේතුවක් ලෙස නිතරම තෙත් කලාපීය පරිසය තුළ පවතින තෙතමනය මොනරාට තම පිහාටුවලට දරා ගන්න අමාරුයි. මේ කියන සාධක නිසා මොනරුන්ට තෙත් කාලීය දේශගුණයට වඩා වියලි කලාපීය දේශගුණය ප්‍රීය කරන බව හිතන්න පුලුවන්.

නමුත් අපේ ප්‍රදේශයේ පවතින මොනර ඝනත්වයේ වර්ධනය නිසා ඉහත කී සාධකත් අභියෝගයට ලක් වෙලා. නමුත් තෙක් කලාපීය පරිසර තත්වයන් වෙනස් වීම මොනරු තෙක් කලාපය ප්‍රීය කරවන බව හිතන්න පුලුවන්. තෙක් කලාපය අයත් අපේ ප්‍රදේශය ඇතැම් කාලවලදී දැඩි වියලි පාරිසරික තත්වයන් නිර්මාණය වීම එක් උදාහරණයක්. තවද පසුගිය කාල වලදී වර්ෂාපතනය ලැබුණත් දරුණු වර්ෂාපතන තත්වයන් ඇති වුනේ නෑ. නිරිත දිග මෝසම සක්‍රීය වූ පසුගිය සමයේ අප බලාපොර‍‍ොත්තු වර්ෂාපතනය ඇති නොවීම යන සාධක නිසා අපට තේරුම් ගැනීම හැකි දෙයක් තමයි තෙක් කලාපය තුළත් වියලී දේශගුණ තත්වයක් පෙන්නුම් කරන බව.

මේ නිසාම මේ ප්‍රදේශවල මොනරු බහුල වශයෙන් ව්‍යාප්ත වෙ‍ලා. කලකට ඉහතදී මොනරු තනි වශයෙන් දකින්න ලැබුණත් දැන් දැන් දකින්න ලැබෙන්නේ මොනරු ‍නඩ වශයෙන්. ‍එක් මොනරෙක්, සෙබඩු දෙදෙනෙක්, පැටවුන් 4 ක් හෝ 5ක් ව‍ශයෙන් නඩ විශාල වශයෙන් දැකිය හැකිය.

මේ මොනර නඩ සිදු කරන හානිය සුලු පටු නැ‍හැ. මොනරා වඩාත් ප්‍රීය කරන්නේ පණුවන් වැනි කෘමී සතුන් ආහාරයට ගන්න. නමුත් වගා බිම් වලට ඇතුලු වන මොනරු පණුවන් ආහාරයටත් ගෙන නොනැවතී වගා පාලු කරන‍්නේ කිසිම හිතක් පපුවක් නැතුව. වගා බිමට පැමිණෙන මොනරා සියලු වගා දලු කා දමනවා. ඉන් වගා සරු නොවන අතර වගාවන් මිය යාම බහුලව සිදු වෙනවා. විශෙෂයෙන් වී වගාවට මොනරාගේ බලපෑම කියල වැඩක් නෑ. වරකට රංචු වශයෙන් කුඹුර ආක්‍රමණය කරන මොනරු වී කරල් පිටින් ගිල දමනවා. ගම්මු නම් කියන්නේ මොනරු වී ‍බොනවයි කියලයි. මොනරුන්ට තම අවශ්‍ය ප්‍රෝට්‍රීන අවශ්‍යතාව සපුරා ගැනීමට වී බෙනවා කියල තමා කියන්නේ. එහි විද්‍යාත්මක සත්‍යතාව පිළිබඳ මන් දන්නේ නෑ. 


මොනරු නිසා වද උන නයි

කොහොම උණත් මොනරු නිසා එක වාසියක් අත් උණා. මොනරු නිසා අපේ ගම්වල සර්පයෝ විශාල වශයෙන් වද වෙලා ගියා. නිතරම නයි පොළොන්ගු දකින්න පුලුවන් වෙච්ච අපේ ගමේ ගැරඩියෙක් හොයා ගන්න බැරි තරමට දුර්ලභ වෙලා. මොකද මේ සර්ප පැටව් මොනරාගේ ප්‍රියතම ආහාරවලින් එකක්. ඉස්සර ගම්වල මතයක් තිබුණා මොනරු කෑ ගහන කොට නයි බිත්තර පුපුරණව කියල. මං නම් ඒක පිලිගන්න‍ැති උනාට නයි දැන් වද වෙලා ගොඩක් කල්. සර්පයෝ වද වීමේ ප්‍රතිඵලයක් ලෙස මීයන් ව්‍යප්තියත් වැඩි වෙලා.

ඇත්තටම පරිසර සමතුලිතාව අනුව එක් සත්ව කොට්ඨාසයක් ව්‍යාප්ත වෙන කොට එය පාලන කරන්න තවත් පරි‍පොෂිතයෙක් ඉදිරියට එනවා. නමුත් මේ මොනරාට ඒ සංසිද්ධිය අදාළ නොවුනේ ඇයි?. මොනරාව පරිපෝෂිතයෙක් විදියට ආහාරයට ගන්න සත්තුන්ගෙන් එක්කෙනෙක් තමා නරියා කියන්නේ. නමුත් නරියන් අපේ ප්‍රදේශයෙන් වද වෙලා දශක 2 ක් 3ක් වෙනවා. 

අදට යාල හෝ දෙහිවල දකින්න ඉන්න නරියන් අපි හැබැහින් අපේ ගම් වල දැකල නෑ. ඒත් මං පොඩි ‍කාලේ ‍ නරි හූ කියනව ඇහෙනව කියල අම්මා මට කියල තියෙනවා. නරියන් ප්‍රධාන වශයෙන් වද වෙන්න හේතුව ඌරන් ඇල්ලීමට එළන උගුල්වලට නරියනුත් හසු වීම. තවත් හේතුවක් ලෙස අපේ ප්‍රදේශයේ නරියන් දකින්නට ලැබුන අන්තිම කාල‍ේ නරියන් අතර බල්ලොන්ට හැදෙන පිස්සු බලු රෝගය වැනි රෝගයක් පැතිර ගියාලු. මේ නිසාම අප‍ේ ගම්වැසින් දරුනු සපා කෑම්වලට ලක් උනාලු. නරියන් සාමාන්‍යයෙන් මිනිස්සුන්ව සපා කන්නේ නෑලු. මේ විදියට සපා කෑම‍ට ලක් උනේ මේ රෝගී තත්වය නිසා කියලා තමා අම්මා කියන්නේ. මේ කාල වකවානුවේදි ‍නරියන් ව‍ද‍ වෙලා ගියා. 

ඉතින් දැන් නරිය‍ොත් නෑ. ඉතින් මොනරු පාලනය කරන මොකද ක‍රන‍්නේ?. රෑ කෑමට මොනර මස් ටිකක් එකතු කර උන‍ොත් කොහොමද?. කට්ටිය කියයි මූට හෙන ගහන ඕන කියලා. සත්ව නීතී පනත් ගැන මට තියෙන දැනුම අඩුයි. මට ආරංචි විදියට මොනරු මරන නීතියෙන් තහනමක් තියේලු. ඒක කොයි තරම් දුරට සත්‍යද කියල නම් දන්නේ නෑ. කොහොම උණත් කතරගම දෙවියන්ගේ වාහනයට අත තියන්න මිනිස්සු දෙපාරක් නොවී තුන් පාරක් උණත් හිතවී. කොහොම උණත්  මොනරු පාලනය කරන තැනකට එන්න ඕනෑ. එහෙම නැති උනොත් වියලි කලාපයේ වල් අලි කරන හානියට සමාන හානියක් මේ ම‍ොනරු සංහතිය මේ පළාතට කරාවී.


ඇරඹුම

‍      මේ අංග විකලයෙකුගේ මුල්ම සටහන. පුරුදු නෑ ‍බ්ලොග් ලියලා.  කාලයට ඉඩ දෙමු. හඞක් නැති අංග විකලයෙකුගේ හඞ වෙනුවෙන් ‍මේ බ්ලොග් අඩවිය වි‍වර‍ ‍ වේවි. මෙය අවස්ථාවක් කර ගන්නම් සඳරැට ස්තූති කරන්නත්. සඳරැ ලියන හිස් අහස ‍ ‍මේ අංග විකලයෙකුගේ අඩවියට අඩිතාලම දැමුවා. ඉතින් අංග විකලයා බලාපොර‍ොත්තු වෙනවා ඔයාලා මේ අඩවිය කියවල මාව දිරිමත් කරවයි කියලා. ‍වරදක් ඇතොක් පෙන්වා දෙන්න මන්ද මේ අංග විකලයාට වරදිනවා වැඩියි. ඉතිං සියල්ලටම ජය........