සජිත්ගේ වදභාවය සහ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය

කොරොනා 

කොරොනා මදකට නිවාඩුය. දැන් කරලියේ ඇත්තේ මහ මැතිවරණයයි. කො⁣රොනා දෙවන රැල්ලක් එන ලකුණු පහල වූවත් සුව විරැවන් රණවිරුවන් ඉදිරියට පැමිණ ලක් මවු රැකගත්හ. කොරොනා ආයේ එන්නේ නම් මහ මැතිවරණයෙන් පස්සේය. කොරොනා කරලිය ඇවිත් වරින්වර කල් දැමූ මහ මැතිවරණය අගෝස්තු 5 දින නියම වී දැන්  මහ මැතිවරණය වේදිකාව උණුසුම් වෙමින් තිබේ. කොරොනා කාලේ 225 එපා යැයි කියු මිනිස්සු විලි නැතුව අහවලා හොදා යැයි කියමින් ⁣දේශපාළුවන්ට කඩේ යති. දේශපාලකයන් ද එකිනෙක එදිරිවාදී වෙමින් දේශපාලන වේදිකාවේ මඩ ගසමින් මඩ නාමින් දේශපාලන ප්‍රචාරයේ යෙදෙයි.

ඡන්ද සටන

මෙවර පොදුජන පෙරමුණ 2/3 බලයක් ඉල්ලමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන අතර එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය සමඟි ජන බලවේගය සිරිකොත බලය ඇල්ලීමට ජන වරම ඉල්ලති. කැඩී බිඳි ගිය එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්කයකින් එක් ආසනයක් හෝ දිනා ගැනීමේ ඡන්ද සටනට පිවිස ඇත. කවදත් තෙවැනි බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ වටා බිහිවූ ජාතික ජන බලවේගය 3% රැක ගැනීමේ අසීරු  සටනට පිවිස ඇත.

සජිත්ගේ වදභාවය ගැන මහින්දගේ කතාව

මෙවර මහ මැතිවරණයේ වි⁣ශේෂත්වය නම් ඡන්ද සටනේ ප්‍රතිවාදී නායකත්වයට අපහාස කිරීම අන්තිම අසිකිත්ත තැනකට පත් වීමය. ⁣එවාට හොඳම උදාහරණය මහින්ද ප්‍රතිවාදී සජිත් කෙරෙහි දක්වන දරුණු මඩ ප්‍රහාරයයි. මෙහි උච්චතම අවස්ථාව වූයේ සජිත්ගේ වදභාවය අන්‍යමාර්තයේ හාස්‍යයට ලක් කිරිමය. 

මහින්ද රනිල් දීගය


මහින්ද රාජපක්ෂ දේශපාලන ඉතිහාසය තුළ  ඔහු කී කල ප්‍රකාශ පිළිබඳ විමසා බැලීමේදි මෙවැනි ප්‍රකාශ විස්මජනකය. විශේෂයෙන් මහින්ද ජනපති සමයේදි පවා මෙවැනි දරුණු  ලෙස ප්‍රතිවාදී දේශපාලන නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කලේ නැත. උදාහරණය ලෙස මහින්ද එකල එජාප නායක රනිල්ගේ වද භාවය ගැන කතා කලේ නැත. 

නමුත් මෙවර එය එසේ නොවුනේ ඇයි? අගමැති මහින්දගේ දේශපාලන වේදිකාව ලිඳ ලඟ සංගමය වාගේ වූයේ ඇයි? මේ පිළිබඳ  ගැඹුරින් විමසා බැලූ විට පෙනී යන කරුණ නම් රාජපක්ෂවරුන්ට රනිල්ට වඩා සජිත් අභියෝගයක් ලෙස දැකීමය. 

මහින්දගේ ඉදිරි අභියෝගය

රාජපක්ෂවරුන්ගේ ඡන්ද ඉතිහාසය ගැඹුරින් විමසා බැලූ කල පෙනෙන දෙයක් නම් රාජපක්ෂ ඡන්ද මැෂිම කවදත් ක්‍රියාත්මක ව ඇත්තේ ග්‍රාමීය දුප්පත් හා මධ්‍යම ප්‍රාන්තිකයන් වටාය. එම ඡන්ද පදනමට පහර දිය හැකි පක්ෂ නායකත්වයක් මෙතෙක් කාල වකවානුව තුළ වෙනත් පක්ෂවල නිර්මාණය නොවීය. විශේෂයෙන් එකල රාජපක්ෂවරුන්ට අභියෝගයක් වූ රනිල්ගේ නායකත්වයෙන් එජාප තුළ ඡන්ද පදනම නිර්මාණය වී තිබුනේ නාගරික ධනපති පංතිය හා සුළු ජන ඡන්ද පදනම වටාය. එය රාජපක්ෂට අභියොගයක් නොවීය. තර්ජනයක් ලෙසද දැක්කේ නැත. එම නිසා රනිල්ගේ වදභාවය එකල ජනපති මහින්ද ප්‍රශ්නයක් නොවීය. ඉදින් එකල වරින් වර අරලිය ගහ මැදුරේ ජනපති මහින්ද හා විපක්ෂ නායක රනිල් කළු කෝපි බිව්වේය.

නමුත් දැන් තත්වය වෙනස්ය. සජිත් එජාපය කඩාගෙන ගියේය.  මහින්ද සමඟද කළු තේ බිවූ රනිල් කිහිප දෙනෙකු සමඟ සිරිකොතේ තනි විය. රනිල්ගේ ඡන්ද පදනමට වඩා සජිත්ගේ ඡන්ද පදනම වෙනස්ය. සජිත්ගේ ඡන්ද පදනම ගොඩ නැඟි ඇත්තේද දුප්පත් ග්‍රාමීය ජනතාව වටාය. තම පියාණන් වූ රණසිංහ ප්‍රේමදාස ජනපති පුටුවට උසවා තැබුවේ මේ ඡන්ද පදනමය. දැන් විපක්ෂ නායක සජිත් හා අගමැති මහින්ද එකම ඡන්ද පදනමක් වෙනු⁣වෙන් ඡන්ද සටනට පිවිස ඇත.

වත්මන් තත්වය අනුව නියත වශයෙන්ම අගමැති මහින්ද බහුතර බලය සහිත නව පාල්ලිමේන්තුවක් පිහිටුවන බව සහතිකය. 

ඉදිරි දේශපාලන අනාගතය 

කෙසේ නමුත් ඊළඟට එලබෙන මැතිවරණයන්වලිදී මහින්දට සජිත් නියත වශයෙන් ම අභියෝගයක් වනු ඇත. මන්ද දුප්පත් ජනතාව වඩාත් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මහින්දට වඩා සජිත්⁣ට තිබීමය.  තම පියාට පැවති දුප්පත් ජනතාව